නිහඩ කල්පනා ලොවක තනිවෙලාnihada kalpanaa lowaka thaniwelaa

Nihada Kalpana Lowaka

Lyrics

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුණිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුණිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳවෙලා නොයන් මා සිතෙන්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මේමා වැරදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ රැඳී වේදනා සුසුම් පා වුණේ
නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.