නිදුකාණනේnidhukaananee

Nidukanane

Music:
තරිඳු බණ්ඩාරtharindu bandaara
Lyrics:
තඹවිට චන්දිම හිමිthambawita chandhima himi

Lyrics

නිදුකාණනේ යලි වඩිනු මැනේ
මේ ලෝකේ ගැන යලි සිතා
සිත් පුරා අඳුරෙන් වෙලා
ඉන්නා මේ අපි ගැන සිතා...
මියැදිලා ගුණ දම් එදා
බුදු බණම අමතක වෙලා
අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා
වඩිනූ මැනවි නිදුකාණනේ
අපි අසරණ වෙලා කරුණා ගුණය මා
මුදවා ගන්න යලි එනු මැනේ
සරණක් දෙන්න බුදු හිමියනේ.....

බුදු බණ නිසා සැනසුණා දෙව් බඹුන් පවා
මුළු මිහිතලය කම්පා වුණා 
මෝහෙන් මුලා වී මෙදා සංසාරයේ
තණ්හාවෙන්ම මුසපත් වෙලා
ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහූ අපේ
සිතුවිල්ලක්ම යටපත් වෙලා....

අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා
වඩිනූ මැනවි නිදුකාණනේ
අපි අසරණ වෙලා කරුණා ගුණය මා
මුදවා ගන්න යලි එනු මැනේ
සරණක් දෙන්න බුදු හිමියනේ.....

මේ කාලයේ වැඩ ඉඳන් කරුණා තෙමා
භව දුක් ගැනම දෙසනු මැනේ
පෙර නම් නොවේ දැන් තමා ධර්මයෙන් ඔබේ
මේ අප හටම දෙසනූ මැනේ
මේ ගැන යලි සිතා දෙනු මැන දම් අමා
ඔබගේ පිහිට නිදුකාණනේ....

නිදුකාණනේ යලි වඩිනු මැනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.