නිදුක් නිරෝගී වේවැයිnidhuk niroogii weewaeyi

Niduk Nirogi Wevayi

Lyrics

(නිදුක් නිරෝගී වේවැයි - උදේ හවා දෙක කීවැයි 
කිව්වට කිසි සෙතක් නොවන රටක් තියෙනවා 
තිස්තුන් කෝටියක් දෙයියෝ රකිනවා කිව්වට අයියෝ 
හැටහය කෝටියක් රෝග මේකේ තියෙනවා 
රටක්ද? රෝහලකද? කියලා හිතෙනවා 
හිතන්න රෝග ටිකක් මෙහෙම කියනවා
රටක්ද? රෝහලකද? කියලා හිතෙනවා 
හිතන්න රෝග ටිකක් මෙහෙම කියනවා...//)

කෙනෙක් ගෙයක් දොරක් හදලා - තියෙන දෙයක් කාලා ඇඳලා
යමක් කමක් ඇතුව ටිකක් හොඳට ඉන්නවා 
තවත් කෙනෙක් ඒක දැකලා - පල හැඳි ගෑවිලා කියලා 
අණවින කොඩිවින හදි භූමියක් කරනවා 
(රෝගෙට කියන්නේ තද ඊරිසියාව 
ඒකට බෙහෙතක් නෑ දොස්තර ගාව...//)

බැරි අමාරුකම් ආවාම - දන්න හැම එකා ගාවම 
දෙකට නැමිලා ඔලුව කසලා වාසි ගන්නවා 
කාසි ටිකක් අත ගෑවම - ලඟින් උන්නු අය සේරම 
අතපල්ලෙන් වැටලා කියලා හිතන් ඉන්නවා 
(රෝගෙට ඔළුව ඉදිමිලාය කියනවා 
ඒකට ඖෂදයක් තාම හොයනවා...//)

බෙහෙතක් හේතක් පොවාලා - ඉන්ජෙක්ෂන් එකක් දීලා 
වැඩිම උනොත් ඔපරේෂන් එකක් කෙරුවම 
ඕන ළෙඩක් සුව උනාට - මේවා එහෙම සුව වෙන්නෑ 
උපදින කොට ගේන නිසාම 
(එතකොට මොකක්ද අපි කරන වෙදකම 
මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම...//)

නිදුක් නිරෝගී වේවැයි....
රටක්ද? රෝහලකද? කියලා හිතෙනවා 
හිතන්න රෝග ටිකක් මෙහෙම කියනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.