නිදි යහනට හෝ ඇවිදින් යන කොටnidhi yahanata hoo aewidhin yana kota

Nidi Yahanata Oba Awidin Yanakota

Lyrics

නිදි යහනට හෝ ඇවිදින් යන කොට
කොහොම හිතන්නද මගේ නොවෙයි කියලා
අද හවසටවත් දකින්න ඇත්නම්
අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලා
මගෙ හිත හයියෙන් හැඬුවා
තැන තැන ගොස් සෙව්වා
ඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයි
ආදරය විතරයි

පෙති පොඩිකර කර අතේ තියෙන මල් විසිකෙරුවා
හුස්මක් හුස්මක් ගානේ ඔබ ගැන මං හිතුවා
මට බෑ ඉන්නට ඔබෙන් වෙන්වෙලා
මගේ ලොවම හෙට සඳ නැති අහසක් වගේ වේවි
මගේ රත්තරන් ඔබටත් මා නම් නැතිවේවි

සෙනෙහස කවි කර ලුයූ කොල මිටි ගුලි කෙරුවා
දවසක් දවසක් ගානේ තනියම නිදි මැරුවා
තවමත් නෑඔබ මගෙ යැයි කියලා
එහෙම වුනොත් එක මොහොතක්වත් මම ඉන්නෙම නෑ
කොහොම වුනත් මං නැතිව ඔයාටත් ඉන්නට බෑ

නිදි යහනට හෝ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.