Lyrics
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා - රාව පැතිරේවා
සැවොම තුටු වේවා - වාසනා වේවා
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ
ගී පොත මා සතු වේවී - ලොව ගී රජදහනක් වේවී
මී විත පිරි ඉතිරේවී - ඔබ ඒ මිහිරෙන් නැළවේවී
සිතට කොඳුරා - ඔබට කියනා
රහස ගීය තමා....
නිදි නැති රෑ යාමේ.../
පාළුව ඈතක පාවී - සහනේ සැනසුම හිමි වේවි
මේ ලෙස කාලය යාවී - අද රෑ ගතවී එළි වේවි
අදද තිබෙනා - හෙටද ලැබෙනා
සතුට ගීය තමා.....
නිදි නැති රෑ යාමේ...//