නිදහසේ ඉන්නnidhahasee inna

Nidahase Inna

Music:
ලහිරු පෙරේරාlahiru pereeraa
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

නිදහසේ ඉන්න නිදහසේ විඳින්න 
අව්ව වැටෙන රැයක තාරකා සොයා
නිදහසේ ඉන්න නිදහසේ විඳින්න 
වැස්ස අපට ගේන ගීතයන් අසා.....//

දේදුන්නේ පීනනා සුරංගනා
මල් හීන ගොතනා මරංගනා
නිල් පාට සුළඟක් හමා ගියා
මල් නැතිව සිහිනේ විඳින්නෙපා......

නිදහසේ ඉන්න.....

මහ සාගරේ ඉන්නා මාළුවෝ
උන් එක්ක අපි වෙන්නේ යාළුවෝ
රෑ අහසේ අපි තනිය මැකුවාදෝ
ළං වෙන්න හදනා අනංගයෝ......

නිදහසේ ඉන්න.....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.