Lyrics
නෙතු වසාගෙන තදින් ඉන්නම්
සිහින පෙනනවා
දුර ඇත සීත කඳු මුදුනින්
පාවී එනවා
සුදු වලාකුළු වැසී තිබුනට මම හදුනනවා
ඒ ඔයා කියලා මං දන්නවා
සුවඳ දැනෙනවා...
ආදරේ ආදරේ හදුන ගත්තා ඔය හදේ
ම්ම්ම්... මා හදේ උතුරා ගැලුවා ආදරේ
පාට පාට හීන පේන සොඳුරු ආදරේ
පෙම් සිහින අරන් මම එන්නම්
සීත දනවුවේ
මුතු දෑල ගාව දවටෙන්නම් රෑ වී එන්නේ
යන පාර මතක නැති උනාට
බය නොදැනෙන්නේ
ඔයා එක්ක තුරුළු වෙලා සිහින දකින්නේ
ආදරේ ආදරේ හදුන ගත්තා ඔය හදේ
ම්ම්ම්... මා හදේ උතුරා ගැලුවා ආදරේ
පාට පාට හීන පේන සොඳුරු ආදරේ..//