නෙතු පියන්nethu piyan

Nethu Piyan

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

නෙතු පියන් පාරලා
කඳුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා.....//

තනි යහනේ මම ඉකි බින්දේ
පින්තූරේ පපුවට තියා
කුණු කඳුලේ ඇස් පියවෙන්නේ
ඔබේ ගාව මගේ පණ තියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඬාවී සදා.....

නෙතු පියන්......

ළය මඬලේ උණුසුම ගැඹුරේ
අප මතක නොමියයි සදා
ඔය තුරුලේ මම නිදි මැරුවේ
නිල් දෑස හුරතල් කියා
හෙට කාගේ හෝ මනාලි වී 
යනවාද මා හඬාවී සදා.....

නෙතු පියන්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.