Lyrics
නෙතු මගේ හඬවලා
නුඹ කොහේ දුර ගියා
සිත මගේ හඬනවා
ආදරේ සිහිවෙලා
දෑතේ මුදු දවටලා
ඔසරියක් අන්දලා
නෙතු පියා නොකියලා
ඔබ මගෙන් දුර ගියා
නෙතු මගේ හඬවලා....
පුතු මගේ හඬනවා
නුඹ කොහේ අසනවා
අඬන පුතු සනසලා
සිත මගේ හඬනවා
මම මගේ ජීවිතේ
කඳුළු වැල් සඟවලා
පුතු අපේ නුඹ වගේ
ආදරෙන් හදනවා
නෙතු මගේ හඬවලා
නුඹ කොහේ දුර ගියා
පිපි කුසුම් පරවෙලා
සමනලුන් හඬනවා
සඳ කොහේ බැස ගියා
ලෝකයම කළු වෙලා
සුදු වතින් සැරසිලා
ඔබට පින් පතනවා
සසරෙ මා තනිවෙලා
පුතු අපේ රකිනවා
නෙතු මගේ හඬවලා....
දෑතේ මුදු දවටලා....
නෙතු මගේ හඬවලා....