නෙතු ළඟ දඟකරනාnethu langa dhangakaranaa

Nethu Langa Dangakkarana

Lyrics

නෙතු ළඟ දඟකරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම  මට සිහි වේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවි
සිත මගේ ඉල්ලාවී මගේ සුදු ආඩම්බරකාරි

නිල්මිණි දෑසේ කුලුඳුල් පෙම දැකලා සිත
රහසේ බැඳුණා ඔය වත කමලේ පුන් සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැඟුහ් මැවුනා

නෙතු ළඟ  ..........

කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුණාවී
උණහුම ඉල්ලාවී මගේ සයනේ සැතපේවි
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී

නෙතු ළඟ දඟකරනා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.