Lyrics
නෙතු හැඬුවා කඳුළැලි සලලා නුඹ ළඟ නැති බව දැනිලා
සිත හැඬුවා ඉකි ගසලා නුඹ ගැන දුක හිතිලා
සවන පුරා රැව් දුන්නා නුඹේ හඬ පවනේ මුසු වීලා
නොනිදා රෑ පහන් කළා නුඹ ගැන සිහි කරලා......
සසර පුරාවට නුඹ සෙව්වා දස අත සැරිසරලා
හමුවූවේ අප දෙදෙනා අසම්මතයේ පෙම්වතුන් වෙලා
අසම්මතයේ පෙම්වතුන් වෙලා......
සංසාරේ අපි පව් කරලා ඇති ඉන්නට මෙලෙසින් දුරස් වෙලා
භවය පුරාවට පින් රැස් කරලා මතු භවයේ ඉමු එකතු වෙලා
(මතු භවයේ ඉමු එකතු වෙලා......//)