නෙතු අග රැඳිnethu aga raendi

Nethu Aga Radhi

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
ලකිත ශ්‍යාමන්lakitha shyaaman

Lyrics

නෙතු අග රැඳි කඳුළු අරන් නුඹවම හිත හොයන තරම්
නුඹේ මතකය මනසේ තියන් තවමත් මග බලනවි මං
නුඹේ සුවඳට හිත දුවමින් නුඹ පසු පස දුවන තරමි
වෙනසක් නෑ ආදරේ නම් ඉස්සර වාගෙයි තාමත්......

කඳුළු තියා මගේ ලෝකේ සිනහා සෙව් ආදරයේ
කඳුළු වලින් බොඳ වන්නේ අහිමි හීන මාළිගයේ
තවමත් ඔබ දුර නැහැනේ දැවටෙන්නට මගේ හීනේ
හිත තවමත් ලතැ වෙන්නේ ළඟ ඉන්නට ඔබේ තුරුලේ.....

නෙතු අග රැඳි.....

රෑ අහසට සඳ ඇවිදින් තනි මැකුවත් ආකාසේ
අමාවකයි මගේ ලෝකේ පායාවීද සඳ ආයේ
මැව් හීන පෙර දිනයේ කඳුලින් විකසිත වන්නේ
එන්න සොයා සුරඟිනියේ මා තවමත් ලතැවිල්ලේ.....

නෙතු අග රැඳි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.