නේත්‍රා රැලි හංග ගන්නටneethraa raeli hanga gannata

Nethra Reli Hanga Gannata

Music:
දීලුම් තේජනdhiilum theejana
Lyrics:
ජනිත් විතාරණගේjanith withaaranagee

Lyrics

නේත්‍රා රැලි හංග ගන්නට
ගැල්වූ සායම් දියර ඇත්නම්
කුසේ ගින්දර නිවන බත් පත
පිලුනු වී ලග තියෙනවා නම්
තුනට හතරට නැමුව මගේ රුව
පසුම්බියේ තනි රකිනවානම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්....

පැළුනු දෙතොලග හිනා කඳුලක්
හොයාගන්නට බැරි නොවෙයි නම්
නාලාගිරි මත් වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්
දැනුනූ නින්දා දුකම හින්දා
මැරුණු බව සිවිලිම කියයි නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්....

ගල්වලේ වැඩ කරපු දවසක
කැඩුනු සුලැඟිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්
මගදී අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.