නෙතින් නෙත බලාලා සිතේ දුක නිවාnethin netha balaalaa sithee dhuka niwaa

Nethin Netha Bala

Lyrics

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්  නොවේ මේ ඇරඹුමක්  නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්  ආ නිසා දැන් දුකක්  මේ වගේ //
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්  නොවේ මේ ඇරඹුමක්  නිසා

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්  රිදුම් දේ හෙටට උරුම වූ //
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

නෙතින් නෙත බලාලා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.