නෙත පෙරුම් පුරාnetha perum puraa

Netha Perum Pura

Lyrics

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා //

සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි

නෙත පෙරුම් ....

මම හඬන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමුනොවේවිදැයි බයයි
ඔබ මගේමදැයි සිතෙයි

නෙත පෙරුම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.