නෙත නෙතට හොරා හද පතුල බලාnetha nethata horaa hadha pathula balaa

Netha Nethata Hora Hada Pathula Bala

Lyrics

නෙත නෙතට හොරා හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිදී
සිත කෑලි කැඩී විසිරේ

සඳ පෙනෙන රැයේ ඔබ ලගට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහි
නිදින්න මගේ හදෙහි

ඔබේ සුවද දැනී මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමී
හිනැහෙන්න මගේ පියුමී

නෙත නෙතට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.