Lyrics
නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ...
සඳ පෙනෙන රැයේ
ඔබ ළඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහී
නිදියන්න මගේ හදෙහී
ඔඛෙ සුවඳ රැයේ
මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමී
හිනැහෙන්න මගේ පියුමී