නෙත ළඟnetha langa

Netha Langa

Lyrics

නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ 
සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ 
මගෙ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා 
බැඳුනයි මා සිත ඔබ කෙරේ මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ....                   
නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ 
සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ 

(රණ මොණරිය පරදන නෙතු සඟලක හිමිකාරී 
සුහදිනියේ වෙනවද නුඹ මගෙ ජීවන සහකාරී...//)
මිනි පරදන හඬ මුකරී ඔබ නොමැතිව හිඳිනු බැරී    
මට දෙනවද ඔබගේ සෙනේ ඔබගේ සෙනේ
ඔබගේ සෙනේහේ

නෙත ළඟ දඟ කරනා......

(වන බඹරුන් වන මල් මත හිඳ කොඳුරන ගීතා 
මම මුමුනන්නම් මතු ඔබෙ මුළු දිවියම සනහා...//)
ඉර හඳ මත දිවුරා රැකගමි මා ඉඳුරා
ඔබ මා හට පුද දෙන සෙනේ පුද දෙන සෙනේ
පුද දෙන සෙනේහේ   

නෙත ළඟ දඟ කරනා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.