නෙත ලග දඟ කරනාnetha laga dhanga karanaa

Netha Laga Daga Karana

Lyrics

නෙත ලග දඟ කරනා
ඔබෙ හසරැලි පැවසූ දේ 
සිත මගෙ අවදි කරා 
පෙර සසරෙහි පැවති ස්නේහේ
මගෙ දිවි තිබෙන තුරා 
මතු ඔබ රකිනු නියා 
බැඳුනයි මාසිත ඔබ කෙරේ
මසිත ඔබ කෙරේ මසිත ඔබ කෙරේ 

නෙත ලග දඟ කරනා......

රණ මොණරිය පරදන 
නෙතු සඟලක හිමි කාරී
සුහදිනියේ නුඹ වෙනවද 
මගෙ ජීවන සහකාරී //
මිණි පරදන හඩ මුකරී
ඔබ නොමැතිව හිඳිනු බැරී
මට දෙනවද ඔබගේ සෙනේ
ඔබගේ සෙනේ ඔබගේ සෙනේ 

නෙත ලග දඟ කරනා ඔබෙ......

වන බඹරුන් වන මල් 
මත ඉද කොඳුරන ගීතා 
මම දිවුරන්නම් මතු 
ඔබෙ මුලු දිවියම සනහා //
ඉර හඳ මත දිවුරා 
මතු ඔබ රකිනු නියා 
බැඳුනයි මාසිත ඔබ කෙරේ
මසිත ඔබ කෙරේ මසිත ඔබ කෙරේ 

නෙත ලග දඟ කරනා ඔබෙ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.