නෙත් යුග රන් තරුneth yuga ran tharu

Neth Yuga Ran Tharu

Music:
වික්ටර් දළුගමwiktar dhalugama

Lyrics

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි 
ඔබ සොයනා කළු කෙල්ල මමයි

අඳුරින් බර වැලි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා

නෙත් යුග රන් තරු යුවළ තමයි.../

රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ නොම නෑරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ

නෙත් යුග රන් තරු යුවළ තමයි .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.