නෙත් විලේ කඳුළු පිරුනත්neth wilee kandulu pirunath

Neth Wile Kandulu Pirunath

Lyrics

නෙත් විලේ කඳුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ
සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ //

ඔබ වෙන්ව ගිය බවක් - මට තවම හිතුනෙ නෑ
ඔබ හැර වෙනත් කෙනෙක් - මම සිතින් පතන් නෑ //
මුලු ලොවම නැති උනත් හඩන්නේ නෑ
මට ඔබව නැති උනෝතින් නම් දරාගන්න බෑ

නෙත් විලේ කඳුළු......

සිත රැගෙන ගිය නමුත් - කවුරුවත් දන්නෙ නෑ
ඔබ සිහිනයෙන් ඇවිත් - කිසිදෙයක් කියන් නෑ //
සඳ ඉල්ලමින් තවත් යදින්නේ නෑ
මට එහෙම සිදුවුනේ කිමදැයි සිතාගන්න බෑ

නෙත් විලේ කඳුළු......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.