නෑර එකක් කඳුලැලි අහුලාnaera ekak kandulaeli ahulaa

Nera Ekka Kanduleli Ahula

Lyrics

නෑර එකක් කඳුලැලි අහුලා
පාර අසා‍ගෙන සසර පුරා
මා හා ආ ඔබ
අතහැර ‍මේ ‍ලෙස
ආවෙමි මේ ‍ලෙස 
ආ‍වෙමි මම දුරු කතර බලා
දනිමි හැඳින්‍‍නෙමි ය‍ශෝධරා

නිම් නැති අව්‍‍වේ රැස් මාලා
ගව්වින් ගව්වේ දුක රැඳිලා
ආදරේ නමින් පෙරුම් පුරන්නම්
මතු භව‍යෙත් මුණගැ‍සෙන තුරා
දනිමි හැඳින්‍‍නෙමි ය‍ශෝධරා

දරුවන් ‍හෙට දෑවැදි ඉල්ලා
යදින කලට සුළැඟිලි අල්ලා
භාවනා සුවෙන් ඉන්නේ ‍කෙ‍ලෙසද
ආ‍වෙමි මම ගිහි‍ගෙය හැරදා
දනිමි හැඳින්‍‍නෙමි ය‍ශෝධරා


නෑර එකක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.