නෙලුම් විලේ නෙලුම් නෙලනnelum wilee nelum nelana

Nelum Wile Nelum

Lyrics

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ
නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ

ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලා
ඉරටු පොටක ඉඳුණු කිරල වැලක් අමුණලා
මං ඔයාට අරගෙන ආවා
කරබාගෙන ඉන්නේ මොකද හිනාවෙන්නකෝ

කන්දෙ ගෙදර සිරිමලියත් දීග ගියානේ
මන්ද ඔයා මට මේ ගැන බහක් නොදෙන්නේ
දිවා රැයේ සිත ලතවෙනවා
හේනේ කුඹුරේ වැඩපල ටික අතපසු වෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.