නෙලනු බැරි මල්nelanu baeri mal

Nelanu Ay Bari Mal

Lyrics

නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
හිතක නැති මල් ඇයි මට රුදුරු
පැතූ මලේ රුසිරූ
මන්ද මට පසමිතුරු

මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොදුරු
මට නොවෙද පසමිතුරු

නෙලු මල් උව කවුරු
දුරින් හිද මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුල මගෙ ළඟ මිතුරු

හිත පුරා ඇවිදින ඔබෙ පිලිරු
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.