නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමීnelanna baeri dhurin pipii kiyanna dhuka raendii emii

Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi

Lyrics

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී .... පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැදෙන්න ඒ බිමෙන් මිදී .... මගේ ලොවේ

විලෙක රැයේ පිපෙන මලේ කඳුළු සගවලා
නැගෙන ස‍ඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා
හිරුද හඬවලා 

නෙලන්න බැරි .....
ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා
ගලන ග‍ඟේ කඳුළු ඉමේ පැතුම ඇත බලා
සයුර ඇත බලා 

නෙලන්න බැරි .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.