නෙළා ගන්න බැහැnelaa ganna baehae

Nela Ganna Baha

Lyrics

නෙළා ගන්න බැහැ මගෙ අත දිග නැහැ
අනේ ඒත් තව මල් පිපයන් - කෝටි ගණන් තව මල් පිපියන්

මට විතරද මල් පිපෙන්නෙ - මං විතරද මල් කඩන්නෙ
අනුන් ඇවිත් මල් නෙළුවාවේ - මලේ සුවඳ මට දැණුනාවේ

අතින් නෙළන මල් පිපෙන්නෙ - පෙර පිනටයි මට හිතෙන්නෙ
මුළු ලොවටම මල් පිපුණාවේ - එමල් දකින ඇස් ලැබුණාවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.