නෙක උයන් වතු මැදින්neka uyan wathu maedhin

Neka Uyan Wathu Madin

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කපිල කුමාර කාලිංගkapila kumaara kaalinga

Lyrics

ගැ:-නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
පි:- සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි

ගැ:- සිතු අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඩ අඳුරු සීත කඳු මාවතේ

පි:- නොම තැවෙන් රාත්‍රිය දිගු විණැයි
හෙට දවස මී විතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.