නැහැ දුටුවේ ඔය සිනහා කතාnaehae dhutuwee oya sinahaa kathaa

Neha Dutuwe Oya Sinaha Katha

Lyrics

නැහැ දුටුවේ ඔය සිනහා කතා
යලි පැතුවේ මගේ වෙන්න ඔයා
නැත හැඬුවේ නුඹ වෙනත කියා 
මට රිදුනේ මගේ වරද නිසා
කඳුලේ නොරැඳී ගියා
සසරේ දුර වැඩි නිසා
හැඬුවේ ඔය හිත නිසා
සෙනෙහේ වියකී ගියා

මුමුණන හිත මැද්දේ ඇයි තාමත් ඉන්නේ
නෙතු පියෙනා යාමේ ඔය හිත මා සිඹින්නේ
නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ
නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ

ඉකි ලන හද ගැස්මේ නුඹ විතරයි උන්නේ 
හැම හුස්මක් ගානේ ඇයි කඳුලක් එවන්නෙ
තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ
තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ

නැහැ දුටුවේ ඔය සිනහා ....
සෙනෙහේ වියකී ගියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.