නීල තාරකාniila thaarakaa

Neela Tharaka

Music:
ගයන්ත විජයරත්නgayantha wijayarathna
Lyrics:
ලක්මාල් විරසිරිlakmaal wirasiri

Lyrics

නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා
ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා
හීනයෙන් පවා ඔබ මාව වශී කළා
තවරා දෙතොල් පුරා සිත කෝලමත් වෙලා
මුදු දෑත මෙන් කොපුල් වසන් කළා.......

රූසිරිවන්ති මා පුබුදන්නී රෑම සනසන්නී
පාට පාට හීන සරසන්නී නෙත ගාව දැවටෙන්නී
හිත ගාව ලතැවෙන්නී......

නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා
ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා.......

සමනල් යායේ හිමගිරි අරණේ 
අත් අල්ලාගෙන යමු හනිකේ
නිම්නැති අහසේ විහඟුන් විලසේ 
පපු විදහා පියඹමු ආයේ
තටු විදහා පියඹමු ආයේ....
හරි සොඳටමයි ආදරේ ඒ වුණත් නෑ මා වගේ
තරහා වෙලා ඉවත නොයා හැමදා පායන් මහදේ......

නීල තාරකා සඳ ගාව........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.