Lyrics
නීල නෙත් වලින් හොරෙන් ආලවන්තකම් කියූ
රන් රුවැත්තියේ කොයි වසන් වුනේ
පාලු අම්බරේ සලා ප්‍රේම ගීතිකා ගැයූ
නිල් කිරිල්ලියේ තටු සලා කොහෙ ඉගිල්ලුනේ
ඈතින් පෑයූ උදා රන් තරුව මෑතින් පීදූ හැමූ මල් පුසුඹ
ඈ මයි හීනේ මගේ පෙම්වතිය මා නැළවූ
දෑසේ කැදැල්ලේ නැවතිලා සොඳුරේ
ආයේ සරාවී මගෙ හිතේ නිබඳේ
ඈතින් පෑයූ උදා රන්..
සෝසුසුම් සිතින් මකා නීල නිම්නයේ සැයූ
දේවදුතියේ තරු නිවා කොයි වසන් වුනේ
කාටවත්ම කී කතා මල් රොනින් ලියා තියා
මල් කුමාරියේ පෙති විදා ඇයි වසන් වුනේ
ඈතින් පෑයූ උදා රන්..
මල් හී විදිද්දී මල්සරා නිබඳේ
කොයිදැයි සරන්නේ සොඳුරියේ තනිවී
ඈතින් පෑයූ උදා රන්..//