නීල ජලාසේ රඟනා හංස කුමාරීniila jalaasee ranganaa hansa kumaarii

Neela Jalashe Ragana

Lyrics

නීල ජලාසේ රඟනා හංස කුමාරී
ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී 
මුතු බඳ සලසලා - දෙන මදහස හෙලා
මුතු බඳ සලසලා - දෙන මදහස හෙලා

සීගිරි ලෙනේහිදෝ අජන්තාවේ විමානෙදෝ
ඔබ මා පතා උපන්නේ     
ආලක පුරේහිදෝ අනෝතත්ත විලේහිදෝ
ඔබ මා පතා උපන්නේ     
මගෙ හිත සැකෙන් මිදේවා නිසි පිළිතුරක් ලැබේවා 
නිසි පිළිතුරක් ලැබේවා 

නීල ජලාසේ රඟනා හංස කුමාරී//
ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී 

මයිකල් ආනජෙලෝ අතවූ තෙලි තුඩේහිදෝ
ඔබ මා පතා උපන්නේ                  
තාගෝර් කවේහිදෝ ගුත්තිල වෙණතතේහිදෝ
ඔබ මා පතා උපන්නේ 
මගෙ හිත සැකෙන් මිදේවා නිසි පිළිතුරක් ලැබේවා 
නිසි පිළිතුරක් ලැබේවා

නීල ජලාසේ රඟනා හංස කුමාරී
ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී
 මුතු බඳ සලසලා - දෙන මදහස හෙලා
 මුතු බඳ සලසලා - දෙන මදහස හෙලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.