නිසල දෑසේ රැඳි ආදරේnisala dhaesee raendi aadharee

Neela Dase Randi Adare

Lyrics

නිසල දෑසේ රැඳි ආදරේ
සසල වේදෝ බැඳි මාරුතේ
දුකර යාවේද පාවී වලා 
පැතුම මගේ ඔබේ ජීවිතේ 

අසරණ මාගේ සිත හඬවාලා 
වෙනතක් යාදෝ මඟ වැරදීලා
මා පෑව ආයාචනා නැසීලා
ඉවසීමේ සුනසුම් සේයා
මාගේ ලොවෙ සැමදා යාවෙලා

නිසල දෑසේ ....

කඳුළැලි සේදී හසරැල් ඒවී 
ඔබ යලි ආයේ මට හමුවේදී
මා ජීවිතේ වේදනා පාවෙලා
කවදා හෝ ඔබ තනිවුදා
මගේ සෙනේ වාසනාවේ ළඳේ

නිසල දෑසේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.