නීල දෑස හා දොඩවන්නම්niila dhaesa haa dhodawannam

ගලන ගඟක - Neela Dasa Ha - Galana Gagaka

Lyrics

නීල දෑස හා දොඩවන්නම්
වලලු හඬට මම මත්වෙන්නම් 
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන් 

ගලන ගඟක රල වාගෙ
නිමාවක් නෑනෙ ඔබෙ රූ වරුනේ
සිතිජයක ඉමක් ගානෙ
නිමාවක් නෑනෙ ඔබෙ රූ වරුනේ

ලෞකික සැප කාලය කා දැමීමක්
නිර්වානෙට පිවිසෙන 
පංචස්කන්ධයක අස්ථීර ගතිය
මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහීන වැටි දිලිසෙයි ගන අඳුර මත 
ඇසට නොපෙනෙන පර්වතෙක
සුන්දර බව විඳපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සම වැදිසිටි
දැහැන මෙතු කලක් කැළඹිලා
සම්මා දිථ්ථිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතු මුල මගේ හේතුඵල
ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ගඳකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
විඳනසින්ව රූපයක සොබා 
එතෙර වෙන්න මං ගියා සසර මග පෙරට
ඔයා අද ඇවිත් තෘශ්නාවක් වෙලා....


නීල දෑස හා දොඩවන්නම් 
වලලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්

ගලන ග්ඟක රල වාගෙ 
නිමාවක් නෑනෙ ඔබේ රූ වරුණේ...
සිතිජයක ඉමක් ගානෙ
නිමාවක් නෑනේ ඔඹෙ රූ වරුණේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.