නීල බිගු කැල තාමරස පෙලniila bigu kaela thaamarasa pela

Neela Bigu Kela

Lyrics

නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන්  ‍සොඳුරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.