නෑ තවත් හිතක්nae thawath hithak

Ne Thawath Hithak

Lyrics

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ..
යාකරන් සිතින් දුකම දැන් මාගේ..
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ..
සිත ඇහුවේ ඔබ ගැනමයි,
තාමත් මං විඳවයි,
පැතුවේම ඔබෙ සතුටයි..

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි..
රෑ පුර හඳ කොහේ අඳුරේ ගිලුනයි..
තවත් කෙනෙකු හිතේ ඔයා,
පිපිලා හිඳිනු ඇතේ..
කිසිදා අයිති නැතේ..

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි..
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි..
තවත් කෙනෙකු හිතේ ඔයා,
පිපිලා හිඳිනු ඇතේ..
කිසිදා අයිති නැතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.