නවතින්නම් සුදූnawathinnam sudhuu

Nawathinnam Sudu

Music:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
Lyrics:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

Lyrics

කිව්වේම නෑ කාටවත් මේ නඩු 
බුදු සරණ වේවා නවතින්නම් සුදූ
නවතින්නම් සුදූ

ඉල්ලුවට ආයේ සමාවක් මගෙන් 
දෙන්නට කැමත්තක්ම නෑ මේ හිතෙන් 
සැරයක් දෙකක් ඉවසුවත් ආදරෙන් 
ඔබ එක්ක මං ඉන්නෙ කොහොමද සැකින්  

(ගුණ ගායනා මොකට මළ දාකට 
මට එන්න බෑ නේද ඔබ ගාවට...//) 
 
පෙර වැරදි දැන දැනම මම පෙම් කළා 
අලුතින්ම හෙට දවස සැලසුම් කළා 
ඇස් ඉදිරිපිට බොරුව රජකම් කළා 
(මට දුන්නු දිවුරුම් ඔයා කඩ කළා...//) 

(ගුණ ගායනා මොකට මළ දාකට 
මට එන්න බෑ නේද ඔබ ගාවට...//) 
 
කෙරුවාට ඔබෙ ආදරේ ඇස් රතු
විපතක් පතන්නෑ මං ජාතිත් මතු
කිව්වේම කාටවත් නෑ මේ නඩු
බුදු සරණ වේවා නවතින්නම් සුදූ

ඉල්ලුවට ආයේ සමාවක්......

(කිව්වේම නෑ කාටවත් මේ නඩු 
බුදු සරණ වේවා නවතින්නම් සුදූ...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.