නවතින්න බෑ ආයේnawathinna bae aayee

Nawathinna Ba Aye

Music:
බුද්ධිම චලනbudhdhhima chalana
Lyrics:
මනීෂා ඒකනායකmaniishaa eekanaayaka

Lyrics

නවතින්න බෑ ආයේ මේ හිත පුරා 
පෙරදාක දුන් සෙනෙහේ අද නිම වුණා
මා දාලා දුර ඈතට නුඹ ගිය නිසා
(යලි එන්නෙපා මාගේ සෙනෙහස සොයා.....//)

අළු පාට හැන්දෑවේ මං තනිවෙලා
විඳින එක දුක් ගින්නක් අද නිම වුණා
තරුවක් නොදුටු දෙනෙතේ සඳ හමුවුණා
ඒ සඳට මං ආයෙත් ආදරෙන් ළං වුණා......

හීන කන්දක් අතරේ පෙරුමන් පුරා
දුකම විතරක් ඇවිදින් මාව පෙළුවා
නුඹ හින්දා මා වින්ද දුක් වේදනා
යලි දෙන්නෙපා ආයේ මේ සිත සොයා.....

නවතින්න බෑ ආයේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.