නවාතැන්පළ ඔබයිnawaathaenpala obayi

Nawathanpala Obai

Lyrics

නවාතැන්පළ ඔබයි - ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ

ආලයේ වන් බිඟුන් බමනා
ස්නෙහයේ ජල තරඟ බිදෙනා
නිල්ල දිළෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

දායාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.