නවදැලි හේනක පෑව වැදිරි රුවnawadhaeli heenaka paewa waedhiri ruwa

Nawadali Henaka

Lyrics

නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල් ‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා...//

 ‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...//
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

නවදැලි හේනක...//

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා...

නවදැලි හේනක...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.