නෞකාවnaukaawa

Naukawa

Music:
ධනිත් ශ්‍රීdhhanith shrii
Lyrics:
ධනිත් ශ්‍රීdhhanith shrii

Lyrics

ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී 
මන්දාකිණි හමුවේවිදෝ අහස් ගඟ තරණයේ 
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලං වේවිදෝ 
අනන්තේ දකීදෝ නිම් තෙර හමුවන තුරා 

නෞකාවේ ගමනේ    
නෞකාවේ ගමනේ

තරමක උසට වැඩුනු හය හතරක ඇඟකට 
උරුමකරුවෙකු නොවන මගෙ පපුවට 
ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා 
මග බලන බලන තැන හුස්මට 
දුවගෙන තරුම හොයන් යන මේ දිවිගමනක 
කෙළවර එක බව මට දැනුනා 
            
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලං වේවිදෝ 
අනන්තේ දකීදෝ නිම් තෙර හමුවන තුරා 

නිමාවෙන්නේ මේ ජීවේ රිද්මයකට හුරු වූ 
හඹා යන්නේ මායාවේ අතීතයම රැවටූ 
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලං වේවිදෝ 
අනන්තේ දකීදෝ නිම් තෙර හමුවන තුරා 

ගමනේ නෞකාවේ.. ගමනේ නෞකාවේ 
ගමනේ නෞකාවේ.. ගමනේ 

ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.