නැතිව බැරි හින්දාnaethiwa baeri hindhaa

Nathuwa Bari Hinda

Music:
ප්‍රසන්න දිසානායකprasanna dhisaanaayaka
Lyrics:
බුද්ධි භාෂණbudhdhhi bhaashana

Lyrics

නැතිව බැරි හින්දා ඔබ සොයනවා
නොදැක බැරි හින්දා ඔබ සොයනවා
ඔබ දැනෙන හින්දා මම විඳිනවා
ඔබමයි එයා මට හිතෙනවා......

අවිහිංසකයි වගේ නොවුණත් ඔයා
හද නිවෙනවා නොදැනී පෙනුණත් ඔයා
මට ඉන්නවා ඔයා මම දන්නවා
(මම ඉන්නවා නොයා ඔබ දන්නවා.....//)

හිරිකඩේ සීතල වෙලා උණූසුම් කොපුල් 
මම දෙන්නේ නෑ ඔබට යන්නට මගෙන්
මට ඉන්නවා ඔයා මම දන්නවා
(මම ඉන්නවා නොයා ඔබ දන්නවා.....//)

නැතිව බැරි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.