නැතිවෙන්න දෙයක් නෑnaethiwenna dheyak nae

Nathiwenna Deyak Na

Lyrics

නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
නැතිවුනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ
මා පැතුව එකම වස්තුව ඔබ තමයි ළදේ
ඔය හිමිකම මට අහිමි කලේ ඇයි සසරේ

ඔබ ගැන හිතේ තිබූ ආශාවන් බොහොමයි
එක සෙවනක ඉන්නට පැතූ පැතුම් සොඳුරුයි //
මේ ලොව දුටු සඳ රුජිණිය ඔබම තමයි
මා අඳුරේ තනිකරදා ගියේ සඳයි

නැතිවෙන්න දෙයක් .....

එක සොඳුරු වසන්තෙක හමුවූවා මතකයි
මගෙ සිහින මැදුර නිම කෙරුවේ ඔබම නිසයි //
ඒ සිහින ඉතින් සුළගේ මුසු වී ඉවරයි
නැතිවෙන්න තවත් ඇත්තේ මගෙ ජීවිතයයි

නැති වෙන්න දෙයක් ...........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.