නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේnaethidha maa keree adha obagee aadharee

Nathida Ma Kere Ada Obage Adare

Lyrics

නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ

වැටෙනා කඳුළක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ //
වේවී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ .... සිහිනයක් වගේ

නැතිද මා කෙරේ අද ....

හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ //
රිදවා හිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ .... සිහිනයක් වගේ

නැතිද මා කෙරේ අද ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.