නතාශාnathaashaa

Nathasha

Music:
පවන් ද සිල්වාpawan dha silwaa
Lyrics:
N දිල්ශානිn dhilshaani

Lyrics

අළුයම් කාශ්මීරයේ 
ඔබෙ අත අල්ලන් 
නතශා.. නතශා.. 
අපි යමු දුර

වියැකුනු සිහිනය අවදි කල 
ඉන්ද්‍රජාලිකා ආදර වීනාවේ 
තත්සර ගේනා  
නිම් නද දේනා
සෙනෙහසේ සීනුව 
නතාශා.. නතාශා.. 
අපි යමු දුර 

ගිනියම් පොලොවේ දිය පොද 
නිල් අඹර පුරා ඇඳී සඳ 
නෙත් සඳ වේලා 
මත් නද දේනා 
හදෙහී ආලය 
නතශා.. නතශා.. 
අපි යමු දුර

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.