Lyrics

නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.