නටඹුන් වෙලා කඩන් වැටුනූnatambun welaa kadan waetunuu

Natabun Wela Kadan

Lyrics

නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....

දෙනෝදහක් හිටියත් ලෝකේ
ඔබේ දෑත පමණයි ඕනේ
සැපේ නොවේ දුකේදි මාගේ
අසලින් සිටි නිසා...
හෝ.... ගෙවී ගියත් දින සති ගානේ
හදාගන්න බෑ හිත මාගේ..
ගෙවූ කාලෙ සත්තයි මට
හීනයක් වාගෙ ඔබ හා....

මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....

පිටාරෙ යන ගගුලක් වාගේ...
දෝරෙ ගලන ආදරේ මගේ...
වෙනස් නොවී තාමත් පෙර
වාගෙම ලගින් තියෙනවා....
හෝ..... කොහේ කොතන හිටියත් පොලොවේ ...
යලිත් වතාවක් මට ඔබගේ
සෙනෙහෙ ලැබුනොතින් මම
සිල්පද පහම රැකගන්නවා...

මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....
අන්තිම මොහොතේ දී
මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී
මට ඒ හොදටෝම ඇතී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.