නාරිලතා මලේnaarilathaa malee

Narilatha Male

Lyrics

(නාරිලතා මලේ ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ...//)
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
නාරිලතා මලේ මං මේ ඔබටයි කතා කළේ

ඔබෙ සියුමැලි කොපුලේ අවිහිංසක තාලෙන්
හාදු මිටක් තිබ්බොත් මං යාන්තමට වගේ
නොරිදෙන්නට වගේ
හාද කමට මුල පුරමුද හොරෙන් හොරෙන් වගේ
(කැමතිද නැද්ද ප්‍රියේ ආදරෙ නැද්ද හිතේ...//)

නාරිලතා මලේ ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
නාරිලතා මලේ මං මේ ඔබටයි කතා කළේ

ඔබෙ සුදු මුදු නලලේ... ආරාධිත තාලෙන්
දිවුරුම් තිලකය තිබ්බොත් යාන්තමට වගේ
නොදැනෙන්නට වගේ
මගේ වදන පිලිගන්නට නැකත හොඳයි වගේ
කැමතිද නැද්ද ප්‍රියේ ඇයි ඔය තරම් අගේ
කැමතිද නැද්ද ප්‍රියේ ආදරෙ නැද්ද හිතේ

නාරිලතා මලේ ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
(නාරිලතා මලේ මං මේ ඔබටයි කතා කළේ...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.