නපුරු කවියnapuru kawiya

Napuru Kaviya

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
සතීෂන් රත්නායකsathiishan rathnaayaka

Lyrics

මන්දාරම් අහසක තනියෙන් 
දේදුන්නක හැඟුමන් මවමින් 
ඇහිපිය යට හීනයක් මවලා 
කෙහෙරැලි ගංගාවක නගමින් 
පිනි බිඳුවක කෝල පහසින් 
ඔබෙ උණුහුම නොදැනි මට දැනුනා 

දෙකොපුල් ආදරෙන් ගිලිලා 
යන තාලේ හිත අදිනා 
කවුරුන්ද මේ රූ සොබා 
දෙවියනි කවුරුන්දෝ මැවුවේ මේ රූ සොබා
ගැටෙනා හැම හුස්මක්ම ආලේ කලා 
ලැම ගස්සාලා පොළොවේ දෙපතුල් තියා 
නොනිදා දකිනා හීනේ නොදැනීම සුලඟේ ගියා 

ගිනිසිලුවක පහසක් පතමින් 
මිරිඟු දියට පාරක් සොයමින් 
හිත දෙතැනක අතරමං වීලා 
දෑසින් දැක ගන්නට ඇත්තක් 
කිමිදෙන්නම් පතුලෙම සොයමින් 
පෙම් සිහිනේ නුවන් විහිදාලා 

දෙකොපුල් ආදරෙන් ගිලිලා....

Sinhala Rap 
හතර ගාතේම හදවත 
සිතට මාගේ මේ වද දෙන 
සුන්දර කරදර මට දෙන 
රෝස නටුවේ කටුද 
අද මට සුව දෙන තිර පිට පතට 
හදුන්වා දෙන නවක නිළිය නපුරු කවිය 
ලං වන හැමවිට චනිකව ඇවිලෙන 
හර්ද ස්පන්දන මාගේ වෙවුලන
නාහෙට නාහන සිත නෑ එක තැන 
කෙරුවට නොවම වෙයි ආලේ මර්දන 
පෙම ඉල්ලා හාමතේ 
සිත මා උද්ගෝෂනේ  
නෙතින් නෙත ගැටුනේ 
පණ ගත්තා කෙල්ලේ භීෂනේ 
 
දෙකොපුල් ආදරෙන් ගිලිලා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.