නංගියේ මොකද ගොම්මනේ මිදුල මැදnangiyee mokadha gommanee midhula maedha

Nangiye Mokada

Lyrics

නංගියේ......
නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද
සිනා වෙ⁣වී තනියෙන්..
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉදන් උඹ
කියන්න බැරි සතුටින්..

මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි
නුඹ වගේ මමත් හිනා වෙවී සතුටින් හිටියයි
දූ සිඟිත්තියක් හෙමින් සැරේ දෝතට වැඩියයි
මල් සිනා නැඟූ ඇස් දෙක උණු කදුලින් පිරුණයි

නංගියේ........

මඟ තොටේ ඉදන් මිනිස් වෙසින් විත් වග වලසුන්
ළං වෙලා කතා කරයි කියා නැති නෑදෑකම්
මඟ හොදට තිබේ නම් දෑසත් හොදට පෙනේ නම්
නුඹ පරිස්සමෙන් පය තියපන් බැදි වල නොගිහින්

නංගියේ.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.