Lyrics
නංගියේ මල්ලියේ - මල්ලියේ තංගියේ
මට දෙන්න මගෙ පුංචි කාලේ
මට දෙන්න මගෙ පුංචි කාලේ
වැලි බත් උයන්නම් - සැඟවී සිටින්නම්
මා දං කැළෑවේ පළු වීර වදුළේ
කවි ගී අසන්නම් - ඇකයේ රැදෙන්නම්
මවගේ තුරුල්ලේ - උණුසුම් කැදැල්ලේ - උනුසුම් කැදැල්ලේ
නිල්වන් ජලාසේ - කිමිදී ගිලෙන්නම්
විහඟුන් විලාසෙන් - හිනැහී ඉගිල්ලි
පාසැල් වෙලාවේ පාඩම් කරන්නම්
වේවැල් කසායෙන් - දඟයෙන් මිදීලා -දඟයෙන් මිදීලා